Saturday, December 17, 2011

මාගේ කුඩා ඔරුව...

මාදු ගඟේ නිසල දියේ පැදවූ මාගේ කුඩා ඔරුව,
මහ සයුරේ දියත් කලෙමි...
කුඩා රළ පහරකටවත් ඔරොත්තු නොදෙන මාගේ කුඩා ඔරුව,
අසුවිය මහා කුනාටුවකට...
පුදුමයකි...!
අබලන් වූ ඔරුවක් සමඟ මා තවමත් ජීවතුන් අතර...
***
කුනාටුවකට විනාසකල නොහැකි වූ මගේ ඔරුව,
තවදුරටත් සූදානම්...
යලි යලිත් පොරබදන්නට මහ රැළි සමඟ...