skip to main
|
skip to sidebar
තවුතිසාවෙන්....
Home
Posts RSS
Comments RSS
Edit
SEARCH
Saturday, December 17, 2011
මාගේ කුඩා ඔරුව...
මාදු ගඟේ නිසල දියේ පැදවූ මාගේ කුඩා ඔරුව,
මහ සයුරේ දියත් කලෙමි...
කුඩා රළ පහරකටවත් ඔරොත්තු නොදෙන මාගේ කුඩා ඔරුව,
අසුවිය මහා කුනාටුවකට...
පුදුමයකි...!
අබලන් වූ ඔරුවක් සමඟ මා තවමත් ජීවතුන් අතර...
***
කුනාටුවකට විනාසකල නොහැකි වූ මගේ ඔරුව,
තවදුරටත් සූදානම්...
යලි යලිත් පොරබදන්නට මහ රැළි සමඟ...
Sunday, November 28, 2010
කිමද නුඹ..?
අන්ධකාර රැය
එළිය කල පුංචි තරුවේ,
කිමද නුඹ..
හිරු සඳු එලිය දෙන විට,
සැඟව යන්නේ
ඒ අඳුරු
ආකාසේ......
Wednesday, October 20, 2010
අපි තමා වීරයෝ...
නැටුම් තෙල් ගැහුවාම
අපි තමා වීරයෝ...
කබරයා දානකොට;
ඒ උඩම වැටෙනකොට
මාර ආතල්.
ඇඟෙන් ගඳ ගහනකොට
තවත් ආතල්.
පොකැට්ටුව හිඳුනාම;
තෙල් වලට ගෙවනකොට
ලොවෙත් ආතල්.
ඇගේ විලි නැති උනත්
අපි තමා වීරයෝ...
Wednesday, September 15, 2010
අපට ඔබ එපා.....
අපට ඔබ එපා
නමුත් ඔබ තවමත් එතනමයි
යන්න අප හැරදා
ඔබේ කාලය අවසානයි
ඇයි තවමත් ඔබ ඔතන
ඔබට "මුරලි" කෙනෙකු වන්නට තිබුණා
නමුත්
ඔබේ සූදානම
තවත් "සනත්" කෙනෙකු වන්නද..?
එසේනම්
අපි සමුගනිමු
තවකෙකුට ඉඩ ලැබෙන තුරු
බලමු
එකොලහක කණ්ඩායම
තුනෙන් සෙල්ලම් කරන හැටි
අනේ දැන්වත් ඇති
***
ඔබ යන්න...
Monday, September 13, 2010
වැරදිකරු...
"ඔබට මා වැරදිකරුවෙකු වූවාට කම් නැත.
ඔවුන්ට ද මා වැරදිකරුවෙකු වූවාට කම් නැත."
යි සිතුවෙමි.
නමුත් අද මා ඉදිරියේ මා.....
වැරදිකරුවෙකු වී ඇත.
Monday, August 9, 2010
සහෝදර ප්‍රේමය....
දිනක් මම...
මගේ සහොදරයා සමඟ බහින්බස් වූයෙමි.
මගේ කෝපය කොතෙක්ද යත්
මගේ සුරතේ ඇඟිලි පහෙන් හතරක්ම...
ඔහුගේ කම්බුල මතය.
කෝපයට පත් අම්මාගෙන්
මා ගලවා ගත්තේ ඔහුමයි.
එනමුදු
තවමත් කම්බුලෙහි
රතු පැහැති සටහනකි......
Thursday, July 29, 2010
අමුත්තෙක්...
එදා අප හැඳිනුවෙන්
සොඳුරු සිනහවක් ඔබ මුවග රැඳුණි.
අදත් අප හැඳිනුවද
නැත එම සොඳුරු සිනහව.
ඇතැම් විට අද ඔබ.......
මා නොහඳුනවා විය හැකිය.
Subscribe to:
Posts (Atom)
පෙළ ගැස්ම
▼
2011
(1)
▼
December
(1)
මාගේ කුඩා ඔරුව...
►
2010
(6)
►
November
(1)
►
October
(1)
►
September
(2)
►
August
(1)
►
July
(1)
මා ගැන
Thusitha
View my complete profile
හිත මිතුරු කැල
ආ ගිය අය ගනණ
Free Counter
The following text will not be seen after you upload your website, please keep it in order to retain your counter functionality
american roulette
Provider